විල්පත්තුව ගැන සොයන්න කොමිසමක් ඉල්ලයි...

මාර් 26, 2019

    විල්පත්තුව පිළිබඳව කටකතා පතුරවමින් දේශපාලන වාසි ලබාගනිමින් බලයට ඒමට ඇතැම් පිරිස් කුමන්ත්‍රණය කරන බැවින් විල්පත්තුව ගැන සොයා බැලීමට ජනාධිපති කොමිෂමක් පත් කරන ලෙස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මහතා ඉල්ලා සිටියි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මෙම ඉල්ලීම සිදු කළේය.

    වැඩිදුරට අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා...

    ලෝකයේ අපේ රට පිළිගන්න තැනකට පත් කිරීමට කටයුතු කිරීම පිළිබඳ ජනාධිපතිතුමාට, විදේශ කටයුතු අමාත්‍යතුමාට ස්තූතිවන්ත වෙනවා. අද වනවිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න, සංහිදියාව ප්‍රවර්ධනයට විශාල කාර්යභාරයක් සිදු කර තිබෙනවා. විදෙස් විනිසුරන් ප්‍රතික්ෂේප කරලා, අපේ අධිකරණවලින් සාධරණ විසඳුමක් ලබාදෙන්න පුළුවන් කියලා, විදෙස් ඇමැතිතුමා ප්‍රකාශ කර විශාල මෙහෙවරක් ඉටු කර තිබෙනවා.

    විල්පත්තුව ගැන ආණ්ඩුව නිකන් ඉන්නව කියලා කියනවා. අපේ ආණ්ඩුව බිම් අඟලක්වත් විල්පත්තුවෙන් දී නෑ. දේශපාලන වාසි තුළින් බලයට එන්න කරන කුමන්ත්‍රණයක් ලෙස මෙය දකින්නේ. විල්පත්තුව ගැන සොයා බැලීමට ජනාධිපති කොමිෂමක් දන්න කියලා ඉල්ලා සිටිනවා. මෙයට විසඳුමක් ලබාදෙන්න. සංචාරක කර්මාන්තය ගැන අවධානය යොමු කළ යුතුයි. සංචාරකයින් වෙනුවෙන් යටිතල පහසුකම් ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද රාජ්‍ය මාත්‍යවරයා අඳහස් දක්වමින් පැවසී ය.

    Last modified on අඟහරුවාදා, 26 මාර්තු 2019 12:21

    Latest News