දූෂණ විරෝධ පනත් කෙටුම්පත, සංශෝධන සහිතව සම්මතයි

ජූලි 19, 2023

    දූෂණ විරෝධ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා.

    ඒ, ඡන්ද විමසීමකින් තොරවයි. දූෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජුනි 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. එම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය දින දෙකක් පැවති අතර, පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම අද සිදු කෙරුණා. තුන්වැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේදී, පනත් කෙටුම්පත සඳහා අධිකරණය ඉදිරිපත් කර තිබූ සංශෝධන, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ සංශෝධන සහිතවයි එය සම්මත වු‍ණේ.

    Latest News