“ලක් සියනෑ මන්දිරය” ජනතා අයිතියට ‍

ජූනි 27, 2023

    ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රාජ්‍ය ආයතන සියල්ල එකම ස්ථානයකට ගෙන ඒමේ අරමුණෙන් ඉදිකළ, “ලක් සියනෑ මන්දිරය” පරිපාලන සංකීර්ණය අද (27) ජනතා අයිතියට පත් කෙරුණා.

    ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ  රධානත්වයෙන්.   ‍ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රාජ්‍ය ආයතන සියල්ල එකම ස්ථානයකට ගෙන ඒමේ අරමුණෙන්, නව පරිපාලන සංකීර්ණයක් ඉදිකරනු ලැබුවා. එය නම්කොට ඇත්තේ, “ලක් සියනෑ මන්දිරය” යනුවෙන්. මහල් 9 කින් සමන්විත පරිපාලන සංකීර්ණය ඉදිකෙරුණේ රුපියල් මිලියන 4,000ක වියදමින්. මේ සමගම ගම්පහ නගරය ඇතුළු විවිධ ස්ථානවල පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතන 37 ක් නව සංකීර්ණයේ ස්ථාපනය කෙරුණා. ඊට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වුණා.

    Latest News