“ගිරිවැසිපුර“ සිනමා පටය එළි දකී

මාර් 23, 2019

    දේවින්ද කොන්ගහගේ අධ්‍යක්‍ෂණය කළ “ගිරිවැසිපුර“ සිනමා පටය ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී ඊයේ සවස එළිදැක්විණ.

    ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සිංහලයේ අවසන් රජු වූ, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ චරිතාප්‍රදානය ඇසුරින් නිර්මාණය කළ “ගිරිවැසිපුර“ චිත්‍රපටය “ ශ්‍රී වික්‍රම රාජසිංහ සිනමා වීරාඛ්‍යානය“ ලෙස නම් කර තිබේ.

    රාජ්‍ය කුමන්ත්‍රණ හමුවේ 1798 දී කන්නසාමි, ශ්‍රී වික්‍රම රාජසිංහ ලෙස රාජාභිශේකය ලබන අතර, කුමන්ත්‍රණ හමුවේ 1815 දී මහනුවර රාජධානියේ බිඳවැටීම දක්වා සිනමා පටයේ ඇතුළත්. “ගිරිවැසිපුර“ දමින්ද උපාලි ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක් වන අතර, පුබුදු චතුරංග, නිරංජනී ෂන්මුගරාජා, මහේන්ද්‍ර පෙරේරා ඇතුළු නළු නිළියන් රැසක් ඊට රංගනයෙන් දායක වූහ.

    පූජ්‍ය බිබිලාදෙණියේ මහානාම ස්වාමීන් වහන්සේ සංගීතය අධ්‍යක්‍ෂණය කළ අතර, මෙය සිංහල සිනමාවේ භික්‍ෂූන් වහන්සේ නමක් සංගීත අධ්‍යක්‍ෂණය කළ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය ද මෙය වේ. පර්යේෂණයක් ඇසුරෙන් චිත්‍රපටයේ තිර රචනය සිදුකරනු ලැබුවේ ද දේවින්ද කොන්ගහගේ විසිනි.

    Latest News