ජූනි 15 තෙක් SLT කොටස් විකිණිමක් නෑ

මැයි 08, 2023

    ජූනි මස 15 වනදා වන තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් විකිණීම සිදු නොකරන බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

    ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට එරෙහිව ටෙලිකොම් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළා.

    මුදල් අමාත්‍යාංශයේ දී ලේකම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවයි.

    කෙසේ වෙතත් නඩුව කැඳවන මීළඟ ජුනි මස 15 වනදා තෙක් අදාළ කොටස් පැවරීමක් නොකරන බවත් ඔහු අධිකරණයට ප්‍රතිඥාව ලබාදුන්නා.

    පෙත්සම යලි ජුනි මස 15 වනදා සලකා බැලීම සඳහා කැඳවන ලෙසත් නියෝග කෙරිණි.

    Latest News