බඩඉරිඟු වගාවට ජයයි

අප්‍රේ 25, 2023

    පසුගිය මහ කන්නයේ දී (2022) මෙරට හෙක්ටෙයාර් 60,000ක බඩ ඉරිඟු වගා කර තිබු අතර එමගින් බඩඉරිඟු මෙට්‍රික් ටොන් 210,000ක අස්වැන්නක් ලබා ඇති බව බඩඉරිඟු පිළිබඳ භෝග නායක (crop leaders for maize) වාර්තා සඳහන් කරයි.

    කන්න තුනකට පසුව වැඩිම බඩඉරිඟු අස්වැන්න වශයෙන් මෙම මෙට්‍රික් ටොන් 210,000ක අස්වැන්න මෙවර ලබා ගැනීමට හැකිවී තිබේ.

    මෙවර ( 2023 ) යල කන්නයේදී බඩඉරිඟු වගා කිරීම පිළිබඳ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය කරනු ලැබිණි.

    2023 යල කන්නයේ දී හෙක්ටෙයාර් 20,000ක බඩඉරිඟු වගා කිරීමට සැලසුම් කර තිබේ. ඒ යටතේ මෙට්‍රික් ටොන් 90,000ක අස්වැන්නක් ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැළසුම් කර ඇත.

    මෙම අස්වැන්න අපේක්ෂිත ඉළක්කය සපුරා ගැනීමට හැකි වුවහොත් මෙම වසර තුළ යළි බඩඉරිඟු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද කෘෂි අංශ අවධාරණය කරයි.

    ඒ වෙනුවෙන් බඩඉරිඟු වගාව සඳහා ගොවීන් දිරිගැන්වීමේ විශේෂ වැඩපිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සියලු විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති මගින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අදාළ ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

    Latest News