පොලිස්පති අධිකරණයෙන් සමාව ඉල්ලයි

නොවැ 16, 2022

    පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් අද අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටිමින් කොන්දේසි විරහිතව කණගාටුව පළ කර තිබෙනවා.

    ඒ, වැඩතහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුදත් මෙන්ඩිස් මහතාට වැටුප් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද නියෝගය ක්‍රියාත්මක කිරීම පමා වීම සම්බන්ධයෙන්.

    සිය වැඩ තහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුදත් මෙන්ඩිස් මහතා ඉදිරිපත් කළ, මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨා‍ධිකරණය ඔහුගේ වැටුප් මාර්තු 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවීමට පියවර ගන්නා ලෙස පසුගිය මැයි 18 වැනිදා නියෝගයක් නිකුත් කළා.

    එම නියෝගය ක්‍රියාත්මක කිරීම පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් විසින් පැහැරහැර ඇති බවට පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පසුගිය අගෝස්තු මස 5 වැනිදා මෝසමක් ගොණු කළා. 

    ඒ අනුවයි, පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් 5 දෙනෙකු අද අධිකරණය හමුවේ පෙනී සිටියේ.  පෙත්සම කැඳවනු ලැබුවේ ප්‍රියන්ත ජයවර්ධන, එස්.තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඩුල්ල හමුවේ. 

    Latest News