GIT විභාගය දැන විශේෂ දැනුම්දීමක්

නොවැ 09, 2022

    සාමාන්‍ය තෙරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයඳුම්කරුවන්ට අයඳුම්පත් කැඳවීමේ කාලය නොවැම්බර් 25 දක්වා දීර්ඝ කර තිබෙනවා.

    එම විභාගය සඳහා 2019,2020,2021,2022 යන වර්ෂවල 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ට පමණක් අයඳුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

    සියලුම අයඳුම්පත් ඉදිරිපත් කළ හැක්කේ, තමන් ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති මගින් පමණක් බවත් අයඳුම්කරුවන්ට පෞද්ගලිකව මෙම විභාගයට ඉදිරිපත් විය නොහැකි බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    මෙම විභාගය අපොස උසස් පෙළ 2022 (2023) විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ නොපැවැත්වෙන අතර විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙනු ලැබේ.

    මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දුරකථන අංකය ඇමතිය හැකියි.

     

    ක්ෂණික ඇමතුම් - 0112 786 616 / 0112 784 537 / 0112 784 208

    ෆැක්ස් - 0112 784 422

    පොදු දුරකථන අංක - 0112 786 200 / 0112 784 201 / 0112 785 202

    Latest News