කාසල්රි ජලාශය වාන් දමයි.

ඔක් 21, 2022

    කාසල්රි ජලාශය අද (21) දින පස්වරුවේ වාන් දැමිමට පටන්ගෙන ඇත.

    කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය අද (21) දින පස්වරුවේ වාන් දැමිමට පටන්ගෙන ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසීය.

    කාසල්රි ජලාශයේ ජල මට්ටම ඉහල යාමත් සමග එම ජලාශයෙන් ජලය ලබාගෙන ජල විදුලි උත්පාදනය කරන විමලසුරේන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය. මස්කෙලිය මාඋස්සාකැලේ ජලාශයේද ජලය පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බවද එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

    Latest News