ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට

ඔක් 21, 2022

    අපවත් වී වදාළ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට සවස 2.30 ට, අනුරාධපුර - මහා විහාර ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතයි.



    පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ දේහය, මහජන ගෞරවය සඳහා අනුරාධපුර, බෝමළුව විහාරස්ථ සන්නිපාත ශාලාවේ තැන්පත් කර තිබෙනවා. භික්ෂූන් වහන්සේ හා සැදැහැවතුන් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටිනවා. -

    නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පිළිබඳ සාකච්ඡාවක් රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.

    මහා සංඝරත්නය සහ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ජනතා ඇතුළු නියෝජිතයින්, ආරක්ෂක අංශ සාමාජිකයින්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඒ.එම්.ජේ.කේ. ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු ආදාහන කමිටුව මීට එක්ව සිටියා. හෙට සවස බෝමළුව විහාරස්ථානයේ ආගමික වතාවත් පැවැත්වෙන අතර, පැරණි පෙත්මග ඔස්සේ මහා විහාර ආදාහන මළුව වෙත දේහය වැඩම කිරීමට නියමිතයි.

    Latest News