දිවයිනටම ගෑස් බෙදා හැරීම සාර්ථකව

දෙසැ 20, 2021

    දිවයිනම ආවරණය වන පරිදි නව ගෑස් තොග බෙදා හැරීම සාර්ථකව සිදු කෙරෙන බව, ලිට්රෝ සමාගම පවසයි.

    ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිර්නායකවලට අනුකූලව පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොලට මුදා හරින ලෙසයි, අභියාචනාධිකරණය ගෑස් සමාගම්වලට නියෝග කර ඇත්තේ.

    පාරිභෝගික කටයුතු අධිකාරිය ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් 2ට අධිකරණ නියෝග අනුව කටයුතු කරන ලෙස දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළා. මෙරට අලෙවි කෙරෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු ප්‍රොපේන් සංයුතිය 30%ක් විය යුතු බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තීරණය කළ අතර, ඊට අනුකූල ගෑස් සිලින්ඩර පමණක් වෙළඳපොලට මුදා හරින ලෙස ද අධිකරණය එම සමාගම් 2ට නියෝග කර තිබේ. ගෑස් සිලින්ඩරයෙහි සංයුතිය දැක්වෙන නව ස්ටිකරයක් ද ඇලවීම අනිවර්ය කර තිබේ.

    මේ අතර ගෑස් සිලින්ඩර ගිනිගැණීම් සහ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා පත් කළ විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අද ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව වාර්තාවේ.

    Latest News