ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීම අද සිට

අප්‍රේ 27, 2022

    අද (27) සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම පවසයි. 

    මෙරටට ඊයේ සේන්දු වූ නෞකාවේ තිබූ ගෑස් මෙට්‍රික් ටොන් 3,900 ගොඩබෑම මේ වනවිට අවසන් අදියරට ළඟා වි ඇති බවයි,එම සමාගම සඳහන් ක‍ළේ.

    ඒ අනූව, දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොළට නිකුත් හැරීමට සැලසුම් කර තිබේ. 
    මේ අතර, තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,600ක් රැගත් නෞකාවක් හෙට දිනයේ මෙරටට ළඟාවීමට නියමිතයි.

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගැනිණ.

    ඒ අනුව,

    කිලෝග්‍රැම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,860ක්
    කිලෝ ග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1945ක්.
    කිලෝ ග්‍රෑම් 2 .3 ක ලිට්‍රෝ ගෑස් සිලිඩරයක මිල රුපියල් 910ක්.

    Last modified on බදාදා, 27 අප්‍රේල් 2022 13:06

    Latest News