කටුනායක ගුවන් තොටුපලේ රන් මාවත විවෘත වෙයි

අගෝ 19, 2022

    කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන "රන් මාවත" (Gold Route) විවෘත කර තිබේ.

    කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සඳහායි මෙම "රන් මාවත" හඳුන්වා දී ඇත්තේ.

    ඒ අනුව ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන්ට ගුවන් තොටුපොළ රාජකාරී සිදු කරගැනීම සඳහා මෙම නව පර්යන්තය වෙත පිවිස ආගමන විගමන, රේගු කටයුතු මෙන්ම ආහාරපාන සහ සන්නිවේදන අවශ්‍යතා ද ඉතා කඩිනමින් ඉටු කර ගැනීමේ හැකියාව පවතියි.

    Latest News