මිල ඉහළ දැමීමට හේතුව කියන රසකැවිලි නිෂ්පාදකයෝ

අගෝ 16, 2022

    තම කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදු වූ බව “ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය” පවසනවා.

    අමුද්‍රව්‍ය මිල ඉහළයාම මීට ප්‍රධාන හේතුව වූ බවයි, ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් ප්‍රකාශ කළේ.

    දේශීය රසකැවිලි නිෂ්පාදන සමාගම් ඍජු රැකියා 50,000 ක් සහ වක්‍ර රැකියා ලක්ෂ 5 ක් පමණ සපයනවා. නිෂ්පාදනවලින් සියයට 20 ප්‍රමාණයක් අපනයනයෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 150 ක පමණ ආදායමක් ද රටට ලබා දෙන බවයි, ඔවුන් පවසන්නේ. දේශීය ව්‍යාපාරයක් වන රසකැවිලි නිෂ්පාදනය ආරක්ෂා කර ගැනීම සඳහා පාරිභෝගිකයින්ගේ සහය අවශ්‍ය බවද,  ඔවුන් පවසනවා.

    Latest News