දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය සේවා සීමා කෙරේ

ජූනි 29, 2022

    සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශ වෙතින් සපයනු ලබන උපත්, විවාහ, මරණ සහ සියලුම ඉඩම් රෙජිස්ට්‍රාර් සහතික පිටපත් නිකුත් කිරීම සඳුදා සහ බදාදා දින 2ක් තුළදී පමණක් සිදු කිරීමට තීරණය කර තිබේ.

    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල, සුහුරුපාය පරිශ්‍රයේ පිහිටි ශාඛාව හා කුරුණෑගල, මහනුවර, මාතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශ සතියේ දින 05 තුළදී අදාළ සේවාවන් සඳහා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙයි.

    Latest News