වෘත්තිය සමිති රැසක් අඛණ්ඩ වැඩවර්ජනයක

මැයි 10, 2022

    ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට එරෙහිව ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති පවසයි.

    එම ප්‍රහාරයට විරෝධය පළ කරමින් අද (10) දිනයේ රේගු වෘත්තීය සමිති සන්ධානය ද වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබේ.

    කෙසේ නමුත් ගෑස්, ඉන්ධන හා බෙහෙත් ද්‍රව්‍ය රේගුව මඟින් නිදහස් කිරීමටත් අපනයන හා ගුවන් තොටුපළ රේගු කටයුතුද සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු කරන බවයි, ඔවුන් සඳහන් කරන්නේ.

    එමෙන්ම, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පැවසුවේ, තම සාමාජිකයින් අද (10) සිට නැවත දැනුම් දෙනතුරු සියලු රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බවයි.

    මේ අතර, ඊයේ මධ්‍යම රාත්‍රි 12.00 සිට සෞඛ්‍ය සේවකයින්ද වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇතැයි, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් පවසයි. 

    Latest News