තව අමාත්‍යාධූර 4ක සංශෝධනයක්

මාර් 04, 2022

    අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.



    ඒ අනුව සී.බී. රත්නායක මහතා වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ලෙස ද, දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන අමාත්‍ය ලෙස ද, විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ලෙස ද දිවුරුම් දෙනු ලැබුවා.

    CB-1.jpg

    2.jpg

    3.jpg


    තවද සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු මහතා නැවතත් පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය
    දිවුරුම් දීම ද මෙහිදී සිදු විය.

    4.jpg

    Latest News