තවත් ගුරුවරු පිරිසකගේ වැටුප් විෂමතා ඉවතට

පෙබ 08, 2022

    ගුරු - විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල තීරණය පරිවේණාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් හා රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන්ට අදාළ කර ගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනූව අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 (IV) හි විධිවිධාන ඉහත සඳහන් ගුරුවරුන්ට ද ක්‍රියාත්මක වෙයි.

    Last modified on අඟහරුවාදා, 08 පෙබරවාරි 2022 11:43

    Latest News