අධිභාර බදු පනත් කෙටුම්පත ගැසට් කෙරේ

පෙබ 08, 2022

    සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ (07) දිනයේ ප්‍රකාශයට පත්කර තිබේ.

    බදු අය කළ හැකි ආදායම රුපියල් මිලියන දෙදහසක් ඉක්මවනු ලබන යම් පුද්ගලයෙකුගේ, හවුල් ව්‍යාපාරයක හෝ සමාගමක බදු අය කළ හැකි ආදායම මත සියයට 25ක අධිභාරයක් අය කළ යුතු බවට වන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ (07) දිනයේ ප්‍රකාශයට පත්කර තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට අදාළ පනත් කෙටුම්පතට සේවක අර්ථ සාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදල ඇතුළත් වන අයුරින් වගන්ති සකස් කර ඇති බවයි.

    ඒ අනුව එමඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් ගණනාවකින් සියයට 25ක අධිභාරයක් අයකර ගැනීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    ඒ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

    160a868cc8bd54458b74678af99b6ba4

    8d7b8f21e790c649b0251b4517fade65

    8f595822ef22e943c5f0508594376d26

    8ccc8bc3c1b5a5dbee81419c59c9da2a

     

    Latest News