වැසි තත්වය තවදුරටත්

නොවැ 05, 2021

    බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75 පමණ තරමක තද වැසි ඇති වේ.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතියි.

    මන්නාරම දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

    Latest News