දිනක් තුළ වැඩිම එන්නත්කරණය ඊයේ...මාත්‍රා 571,589ක්

අගෝ 31, 2021

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ දිනක් තුළ මෙරට ජනතාවට ලබාදී ඇති වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාව ඊයේ ලබා දී තිබේ.

    ඒ අනූව එන්නත් මාත්‍රා 571,589ක් ඊයේ ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.  ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 11,951 දෙනෙකුට ඊයේ ලබාදී තිබේ. එහි දෙවැනි මාත්‍රාව ලබා ගත් පිරිස 653ක්.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 48,280 දෙනෙකුට ලබාදී තිබේ. එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 488,158ක්.

    ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 12 දෙනෙකු ලබා ගෙන තිබේ. එහි දෙවැනි මාත්‍රාව 1,662 දෙනෙක් ලබා ගෙන ඇත. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 16 දෙනෙකුට ලබා දී තිබේ. එහි දෙවැනි මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 20,857ක්.

    ඉකුත් දින 7 තුල දී මෙරට ජනතාවට ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 1,980,085ක්.

    Last modified on අඟහරුවාදා, 31 අගෝස්තු 2021 10:29

    Latest News