පළාත් කිහිපයකට අදත් තද වැසි..

අගෝ 28, 2021

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද (28) දිනයේ මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එමෙන්ම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

    මීට අමතරව ඌව පළාතෙත්, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන්.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටත්, උතුරු, උතුරුමැද හා වයඹ හා දකුණු පළාත්වලත්, ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 40 – 50ත් අතර දක්වා ඉහළ යා හැකියි.

    මේ අතර අද (28) සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා ශ්‍රි ලංකාවට ඉහළින් සූර්යා ගමන් කරන අතර අද දහවල් 12.11ට සංගුපිඩ්ඩි සහ පලාලි ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    Latest News