ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

අගෝ 08, 2021

    ප්‍රදේශ කිහිපයකට අද (08) දිනය තුළ මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි. දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය ද සක්‍රීයව පවතියි.

    ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැ.කි.මී 40 - 50 පමණ දක්වා වැඩි විය හැකිය.

    ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

    Latest News