නිරෝධායන නීති කැඩූ 442ක් අත්අඩංගුවට

ජූනි 24, 2021

    ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 442ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. 

    පසුගිය ඔක්තෝබර් 30වැනි දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 42,799කි.

    අද දිනයේත් දිවයින පුරා මාර්ග බාධක 1,200ක් පමණ යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News