නිරෝධායන නීතිකැඩූ පුද්ගලයින් 844ක් අල්ලයි

ජූනි 21, 2021

    ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 844ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ, පසුගිය ඔක්තෝබර් 30 වැනි දින සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 41,518 ක් බවයි.

    තවදුරටත් නිරෝධායන රීතින් කඩ කරන පුද්ගලයින්, සාද, මහජන එකතුවීම් පැවැත්වෙන ස්ථාන ගැන පොලීසිය විමසිල්ලෙන් පසුවන බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

    Latest News