මොණරාගල පාසල් දූදරුවන්ට 'Port City' රු.මිලියනයක් පරිත්‍යාග කරයි

පෙබ 24, 2021

    2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන මොණරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කරතා සහිත පවුල්වල දූදරුවන් වෙනුවෙන් රුපියල් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් පොත් බෑග් දහසක් පිරිනැමීමට කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම පසුගිය දා කටයුතු කළේය.

    රටේ අනාගතය භාර ගැනීමට සිටින දුවා දරුවන් වෙනුවෙන් ඉදිකෙරන වරාය නගරය තුළින් ඔවුන් අනාගත ලෝකයේ අන් රටවල් සමඟ තරගකාරීව ශක්තිමත්ව මුහුණ දීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය වනු ඇතැයි විශ්වාසය පළ කළේ ය.

    දරුවන් වෙනුවෙන් යහපත් අනාගතයක් උරුම කර දීම අප සැමගේ වගකීමක් වන බව අවධාරණය කළ අමාත්‍යවරයා ඒ වෙනුවෙන් අද දවසේ කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම ශ්‍රී ලංකාවේ දුෂ්කරම දිස්ත්‍රික්කයක් ලෙස සැලකෙන මොණරාගල දිස්ත්‍රික්කයේ මේ වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දූ පුතුන් වෙනුවෙන් ලබා දුන් පරිත්යාරගය පිළිබඳ සිය කෘතඥතාව පළ කළේය.

    Latest News