මිනුවන්ගොඩ මනාලියකට කොවිඩ් - 35ක් නිරෝධායනයට

පෙබ 01, 2021

    මිනුවන්ගොඩ, මැඩෑමුල්ල ප්‍රදේශයේ පදිංචි මනාළියක් කොවිඩි 19 ආසාධිතයෙක් බවට අනාවරණය වීමෙන් අනතුරුව මනාලයා ඇතුළු එම මංගල උත්සවයකට සහභාගි වූ පවුල් 35 ක පිරිසක් නිවෙස් තුලම නිරෝධායනයට යොමු කල බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

    මනාලයාව ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණය සදහා යොමු කල බවත් ඔහු ආසාධිතයෙක් නොවන බවට අනාවරණය වීමෙන් අනතුරුව නිවසේ නිරෝධායනය සදහා යොමු කර තිබේ.

    මංගල උත්සවයට අවශ්‍ය දෑ ලබා ගැනිම සදහා මිනුවන්ගොඩ නගරයේ පිහිටි වෙලදසැල් වෙත යාමේදී මනාළියට කොවිඩි 19 වෛරසය ආසාදනය වී ඇති බවටයි, සෞඛ්‍යය බලධාරීන් සැකපළ කරන්නේ.

    මනාළියව ප්‍රතිකාර සදහා වරකාපොල රෝහලට ඇතුළත් කල බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අනුර රන්දෙණිය අද (31) ප්‍රකාශ කර සිටියා.

    එම මංගල උත්සවයට සහභාගි වූ නිරෝධායනය සදහා යොමු කර ඇති පවුල් 35ට අදාළ පිරිසව ඉදිරියේ දී පී.සී ආර්. පරික්ෂණය සදහා යොමු කිරීමට කටයුතු කරන බව ද පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අනුර රන්දෙණිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News