හකීම් මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම CCTV දර්ශන ඔස්සේ

ජන 11, 2021

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමාට කොරෝනා ආසාදනය වී ඇති බව සඳහන් කර තිබේ.

    තමන් සමඟ මීට දින දහයකට පෙර සමීපව ඇසුරු කළ පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස්වලට අනුව නිරෝධායනය වන ලෙසයි මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළේ.

    රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය 5වැනිදා පාර්ලිමේන්තු සභා වාරයට පැමිණ තිබේ.

    ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීමට CCTV කැමරා දර්ශන උපයෝගි කර ගන්නා බව වේත්‍රධාරී දෙපාර්තමේන්තුව සඳහන් කළේය. සෞඛ්‍ය අංශ සහාය ලබාගනිමින් ලබන සතිය තුළ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට සැලසුම් කර තිබේ.

    Last modified on සදුදා, 11 ජනවාරි 2021 12:05

    Latest News