සැළසුම් සහගතව 11 පාසල් විවෘත කිරීමට පියවර

දෙසැ 29, 2020

    සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ ලබන 11 වනදා පාසල් විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස් මහතා පවසනවා.

    විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් ලබාගත් නිර්දේශවලට අනුව මෙම කටයුතු සිදුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

    නෙළුම් මාවත පොදුජන පෙරමුණු පක්‍ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

    කොරෝනා ව්‍යාප්තිය හමුවේ පාසල් විවෘත කිරීමේී නිර්මාණශීලී නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතු බවයි, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News