තවත් කොවිඩ්19 ආසාදිතයින් 87ක්

ජූලි 10, 2020

    තවත් කොවිඩ්-19 ආසාදිතයින් 87 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්‌ පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයෙන්‌ අද දිනය තුළ කොවිඩ්‌ - 19 රෝගීන්‌ 283 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, රජයේ ප්‍රවෘන්ති දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත ගණන 2437 ක් ලෙස වාර්තාවේ.

    එමෙන්ම මේවන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 ආසාදනය වී සුව වූ ගණන 1980ක් වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවිය සඳහන් කරයි.

    ඒ අනුව රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 446 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.

    Latest News