දකුණු කොරියාවේ රැඳී සිටි පිරිසක් දිවයිනට

ජූලි 02, 2020

    දකුණු කොරියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 262 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම පිරිස අද (02) දකුණු කොරියාවේ “සෝල් නුවර“ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි මෙම පිරිස දකුණු කොරියාවේ රැකියා සඳහා ගොස් සිටි පිරිසකි.

    ඔවුන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් පසු පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කළ බව අප වාර්තාකරු ප්‍රකාශ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූලි 2020 18:07

    Latest News