නාකොටික් නිලධාරීන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට අවසර

ජූලි 02, 2020

    හෙරොයින් මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගැනුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දොළොස් දෙනා ලබන 8 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලීසියට අවසර ලබා දුන්නේය.

    මෙම සැකකරුවන් ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවට අද පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී.

    ඔවුන් මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා රහස් පොලීසියට උපදෙස් ලබා දී තිබිණ.

    අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් පරීක්ෂකවරයෙක්,උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනක්,සැරයන්වරු තිදෙනෙක් ද පොලිස් කොස්තාපල් 6ක් ද ඇතුලත්.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූලි 2020 19:28

    Latest News