සොයිසාපුර වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු මරුට

ජූනි 07, 2020

    මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශයේ දී පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජිකයෙක් මියගොස් තිබේ.

    පසුගිය දා, ගල්කිස්ස-සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මොහු බව පොලිස් මූලස්ථානය පවසයි.

    සැකකරුවෙක් සැඟව සිටින බවට පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත අද (07) අළුයම 00.03ට පමණ ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු විසින් පොලීසිය වෙඩි තබා තිබේ.

    එහිදි පොලීසිය සිදුකළ ප්‍රතිප්‍රහාරවල දී සැකකරු තුවාල ලබා දිවුලපිටිය රෝහලට ඇතුලත්ක කර ඇති අතර එහිදි ජීවිතක්ෂයට පත්ව ඇත.

    මෙම සැකකරු විවිධ නම් වලින් පෙනි සිටිමින් අපරාධ රැසක් සිදු කර ඇති බව සඳහන්. මෙම සැකකරු වයස අවුරුදු 50ක් වන බවත් බල්ලාපන - දිවුලපිටිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි පුද්ගලයෙක් බවත් ඔහු ඝාතන කිහිපයකට ද සම්බන්ධ අයෙකු බවත් පොලීසිය පවසයි.

    මෘත ශරීරය දිවුලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන එකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Last modified on ඉරිදා, 07 ජූනි 2020 09:17

    Latest News