හෙද නිලධාරීන් 550කට සමීක්ෂණ වැඩමුළුවක්

පෙබ 10, 2020

    ප්‍රථමවරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන හෙඳ සමීක්ෂණ වැඩමුළුවක් (Nursing Research Symposium) හෙට (11) පෙරවරු 8.30 සිට බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හිදී අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

    හෙද නිලධාරීන් 550කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙහි අරමුණ හෙද නිලධාරීන්, හෙද පර්යේෂණ සදහා තව තවත් යොමු කීරීමයි.

    මුළු දිවයිනේම රජයේ රෝහල්වල හෙද නිලධාරීන් 36,000 ක් පමණ සේවය කරයි.
    මීට ප්‍රථම හෙද නිලධාරින් සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වෙන් වූ හෙද සමීක්ෂණ වැඩමුළුවක් නොවුන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන ප්‍රථම හෙද සමික්ෂණ වැඩමුළුව ද මෙය වෙයි.

    නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාගේ උපදෙස් මත, හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්.බී.සී සමන්මලී මහත්මියගේ සංවිධාන දායකත්වය යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සදහා පූර්ණ තාක්ෂණික දායකත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන (පුහුණු), පර්යේෂණ ඒකකය හා කළුබෝවිල ශික්ෂණ රෝහල විසින් ලබාදෙනු ඇති.

    මෙහිදී හෙද නිලධාරීන්ගේ සමීක්ෂණ 50 ක් ඉදිරිපත් කර විශිෂ්ඨතාවය අනුව සම්මාන හා සහතිකපත් ප්‍රදානය කිරිමට නියමිතයි.

    එම සම්මාන හා සහතික පත්‍ර ප්‍රධානොත්සවය එදිනම (11) පස්වරු 3.00 ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ Grand Ball Room හිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

    Last modified on සදුදා, 10 පෙබරවාරි 2020 08:20

    Latest News