චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජිංපින් මහතා අතර නිල හමුවා අද පෙරවරුවේ බිජිං නුවරදී සිදු වුණා.   දෙරටට බලපාන වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා.

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ පොදුරාජ්ය මණ්ඩලීය මහලේකම් පැට්රිෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදුවුණා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසි වාරය, අද ආරම්භ වනවා. එය ලබන 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ අමෙරිකානු සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව ගෙන යන උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කරගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා අද (21 ) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ, පාර්ලිමේන්තුවට බවත්, ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙ‍ළේ දි පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

නිල චාරිකාවක් සඳහා ‍ඊයේ ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී, අද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංචාරය නිමා කරමින් අද (26) උදෑසන යළි දිවයින ට පැමිණ තිබේ.

Latest News