ජනපති රනිල් ඉන්දීය අගමැති මෝදි හමුවේ

ජූලි 21, 2023

    නිල චාරිකාවක් සඳහා ‍ඊයේ ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී, අද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා.

    ජනාධිපතිවරයා මෙම චාරිකාවේ නිරත වන්නේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුවයි.

    දෙරටට බලපාන කරුණු කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්වුණු බවයි, එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඊයේ රාත්‍රී ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමු වී සාක්ච්ඡා පැවැත්වුවා.

    ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අද පෙරවරුවේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් මහතා හමු වුණා. හමුව පැවැත්වුණේ, දිල්ලි නුවරදී.

    Latest News