“My Campus Story” තරගයේ ප්‍රථමයා

නොවැ 16, 2022

    චීනයේ යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි කථිකාචාර්ය සුගත් රත්නායක මහතා චයිනා ඩේලි පුවත් පතෙහි සත්කාරකත්වයෙන් පැවති “My Campus Story” නැමති ජාත්‍යන්තර තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගෙන තිබේ.

    ඔහු මෙම ජයග්‍රහණය හිමිකර ගෙන ඇත්තේ රටවල් සහ කලාප 115 කින් ජාත්‍යන්තර සිසුන්ගෙන් ලද ලිඛිත කෘති 1,078 ක් සහ කෙටි වීඩියෝ 396 ක් ඇතුළුව මුළු ඇතුළත් කිරීම් 1,474 ක් අතුරිනි.

    විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් මගින් මෙම කෘති සමාලෝචනය කිරීමෙන් පසුව මූලික වටයේදී කැපී පෙනුණු නිර්මාණ 91 ක් තෝරා ගෙන ඇත.

    එම විශිෂ්ඨ කෘති අතුරින් පළමු ස්ථාන 10 ක්, දෙවන ස්ථාන 10 ක් හා තෙවන ස්ථාන 20 ක් තෝරාගෙන ඇත.

    ඊට අමතරව නිර්මාණ දෙකකට මහා ත්‍යාග (grand prize) ප්‍රදානය කර ඇති අතර, තවත් නිර්මාණ 49 කට විශිෂ්ටතා සම්මාන (excellence award) පිරිනමා තිබේ.ඉංග්‍රීසි හෝ චීන භාෂා ද්විත්වයෙන් මෙම තරඟය පැවැත්වුණේ චීනයේ දැනට ඉගෙනුම ලබන හෝ ඉගෙන ගත් ජාත්‍යන්තර සිසුන් වෙනුවෙනි.

    මේ සඳහා පසුගිය අප්‍රේල් මාසයේදී තරගකරුවන්ගෙන් රචනා, ඡායාරූප හා වීඩියෝ වශයෙන් කාණ්ඩ තුනකින් නිර්මාණ බාරගනු ලැබීය. මගේ චීන විශ්වවිද්‍යාල ගමන: විදේශීය ගුරුවරයෙකුගේ දෘෂ්ටිකෝණයෙන්” යන තේමාව ඔස්සේ සුගත් රත්නායක මහතා සිය නිර්මාණය ඉදිරිපත් කර තිබිණ.

    චීනයේ යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ඔහු චීන ජාත්‍යන්තර ගුවන් විදුලියෙහි සිංහල සේවයේ හිටපු උපදේශකවරයෙකි.

    2021 වසරේදී China Daily සහ Bank of China සත්කාරකත්වයෙන් පවත්වන ලද “China and me five years from now” ජාත්‍යන්තර රචනා තරගයෙන් ද දෙවන ස්ථානය හිමිකර ගත් රත්නායක මහතා චීනයේ යුන්නාන් පළාතේ මහජන රජයේ තොරතුරු කාර්යාලය, විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ යුන්නාන් පළාත් ජනතා සංගමය සහ යුන්නාන් මුල්‍ය හා ආර්ථික විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කරන ලද "Love Yunnan iYunnan" කෙටි වීඩියෝ සහ රචනා තරගයෙන් ද විශිෂ්ටතා සම්මානයක් හිමිකර ගනු ලැබීය.

    Latest News