T 10 ගැන අලුත් ආරංචිය

පෙබ 27, 2024
    "ලංකා ටී ටෙන්" ක්රිකට් තරගාවලියේ පළමු අදියර ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බව, ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරනවා.

    මෙම තරගාවලිය පසුගිය වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද එය ක්රියාත්මක කෙරුණේ නැහැ.

    ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දෙසැම්බර් මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි.
     
    ඊට කණ්ඩායම් 6 ක් සහභාගී කරවීමට නියමිතව තිබෙනවා. විදෙස් ක්රීඩකයින් 6 දෙනෙකුද ඇතුළුව ක්රීඩකයින් 16 දෙනෙකුගෙන් එක් කණ්ඩායමක් සමන්විත විය යුතු බවයි, ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසන්නේ.
     
    තරගාවලියේ සියලු තරග මෙරට ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණවලදී විදුලි ආලෝක ධාරා මධ්යයයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

    Latest News