කිම් - පුටින් නිල සාකච්ජා අද

අප්‍රේ 25, 2019

    උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර නිල සාකච්ජා අද ආරම්භ වෙයි.

    ඒ රුසියාවේ ව්ලැඩ් වොස්ටොක් නුවරදී. එහ හමුවේ දී විශේෂයෙන්ම කොරියානු අර්ධද්වීපය තුළ පවතින න්‍යෂ්ටික ගැටලුව සම්බන්ධයෙන් දේශපාලනික හා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලබාගැනීම සාකච්ජාවල අරමුණ බවයි, වාර්තා වන්නේ. එහෙත්, කිසිඳු එකඟතා අත්සන් තැබීමක් සිදු නොවන බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

    මෙම සමුළුවට සහභාගීවීමට උතුරු කොරියානු නායක ඊයේ දුම්රිය මගින් රුසියාවේ ව්ලැඩි වොස්ටොක් නුවරට පැමිණියේය. එහි දී මාධ්‍ය උතුරු කොරියානු නායකයාගෙන් කළ විමසීමේ දී පැවසූවේ උතුරු කොරියානු ජනතාවගේ හදපිරි ස්තූතිය රුසියාවට පිරිනමන බවයි. මෙම සාකච්ජා සාර්ථකවී එය වඩාත් වැදගත් සාකච්ජාවක් බවට පත් වෙතැයි, තමා සිතන බව, උතුරු කොරියානු නායකයා කියා සිටියි.

    මේ වසරේ දී උතුරු කොරියානු නායකයා අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ හැනෝයි නගරයේ දී ද සාකච්ජා පැවැත්විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 07:51

    Latest News