බ්‍රසීල ජනපති ලූලා චීනයට

අප්‍රේ 12, 2023

    බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා චීන සංචාරයක නිරත වී සිටිනවා.

    ආර්'ථික ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයක් නගාසිටුවීම අරමුණයි.  බ්‍රසීල ජනාධිපතිවරයා ඉකුත් මාසයේ චීනය වෙත පැමිණීමට සැලසුම් කර තිබුණද, ඔහු අසනීප වීම නිසා එම චාරිකාව කල් දැමුණා. මේ වන විට ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස චීනය වෙත පැමිණ ඇත්තේ, ගිවිසුම් රැසකට එළඹීමේ අරමුණින්.

    බ්‍රසීල දූත පිරිසට ව්‍යාපාරිකයන්, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්, කොංග්‍රස් සභිකයන් සහ අමාත්‍යරුන්ද ඇතුළත්. ඔවුන් චීනය සමග කෘෂිකාර්'මික, පශු සම්පත්, තාක්ෂණ සහ සංචාරක ඇතුළු ද්වීපාර්ශ්වික ගිවිසුම් 20 ක් පමණ අත්සන් කිරීමට නියමිතයි. චීන ජනාධිපති ෂී ජින්පින් සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර ද්වීපාර්'ශවික සාකච්ඡාවලදී රුසියා-යුක්‍රේන යුද්ධය සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්'ථික ප්‍රගමනය පිළිබඳවද අවධානය යොමු වනු ඇති.

    Latest News