අමෙරිකාවේ රහස් එළියට

අප්‍රේ 12, 2023

    අමෙරිකාවේ රහසිගත ලිපි ලේඛන රැසක් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

    ඇතැම් ලිපි ලේඛන අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් දියත් කිරීමට අමෙරිකානු බලධාරීන් මේ වන විටත් පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර් තා කරන්නේ, ලැබී ඇති තොරතුරු අනුව, නිකුත් වී ඇති ලිපි ලේඛනවල සඳහන් දත්ත සියල්ල සත්‍ය බවයි.

    ලොව රටවල් රැසක යුදමය තත්වයන්ට අමෙරිකාව බලපෑම් කළ ආකාරය පිළිබඳවද ඇතැම් ලිපිලේඛනවල තොරතුරු අන්තර්ගත වනවා. එහි වැඩිවශයෙන් සඳහන් වී ඇත්තේ රුසියා-යුක්‍රේන යුද්ධය පිළිබඳවයි. ඊට අමතරව, ඊජිප්තුව රහසිගතව රුසියාවට රොකට් සැපයීමට සැලසුම් කිරීම, දකුණු කොරියාව, යුක්‍රේනයට ආයුධ ලබා දීමේ ගිවිසුම් විනාශ කිරීම, චීනය ඉකුත් පෙබරවාරි මාසයේදී හයිපර් සොනික් ආයුධ අත්හදා බැලීම ඇතුළු රහසිගත තොරතුරු රැසක් එම ලිපි ලේඛනවල සඳහන් වී තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය සහ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද අදහස් දක්වා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දැවැන්ත පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. කෙසේ වුවද, අමෙරිකාව සිය මිත්‍ර රටවල් රැසක් පිළිබඳවද ඔත්තු බලා ඇති බව මෙම ලිපි ලේඛනවලින් හෙළි වීම විශේෂත්වයක්.

    Latest News