නෙදර්ලන්ත නගරයක් මාංශ වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය තහනම් කරයි

සැප් 07, 2022

    නෙදර්ලන්තයේ හාලම් නගරයේ මාංශ වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය මුළුමණින්ම තහතනම් කිරීමට නගර බලධාරීන් තීරණය කර තිබෙනවා.



    ලොව රටක නගරයක් මෙවැනි පියවරක් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙයයි. 2024 වසරේ සිට මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බව, විදෙස් වාර්තාවල සඳහන්. නෙදර්ලන්තයේ දේශගුණික විපර්යාස අවම කිරීම සිය ප්‍රතිපත්තියක් කර ගත් දේශපාලන පක්ෂයක්, මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. මාංශ නිෂ්පාදකයින් ඇතුළු තවත් කණ්ඩායම් කිහිපයක් මෙම තීරණයට දැඩි විරෝධයක් පළ කරනවා. මීතේන් සහ මිනිසා වායුගෝලයට මුදාහරින හරිතාගාර වායුවලින් සියයට 14 කට වැඩි ප්‍රමාණයක් පශු සම්පත් තුළින් ජනනය වන බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ. එවන් පසුබිමක මාංශ භාවිතය පරිසරයට හානි කර තත්වයක් ඇති කර තිබෙනවා. දේශගුණික විපර්යාස ලොව ප්‍රධාන අර්බුදයක් වී ඇති අවධියක මානව සංහතියේ ඉදිරි පැවැත්ම ගැන සිතා බැලීමේ දී මාංශ පරිභෝජනය දිරිමත් කළ නොහැකි බවයි, හාලම් නගර බලධාරීන් පෙන්වා දෙන්නේ.

    Latest News