චීනයේ 5G පාදක මධ්‍යස්ථාන ප්‍රමාණය මිලියනය ඉක්මවයි

සැප් 01, 2021

    චීනයේ 5G පර්යන්ත සම්බන්ධතා ප්‍රමාණය කෝටි 40ක් පමණ වන බව,චීන කර්මාන්ත හා තොරතුරු ඇමති Xiao Yaqing මහතා ඊයේ (31) බෙයිජිංහි පැවති ලෝක 5G සම්මේලනයේ දී ප්‍රකාශ කළේය.

    චීනයේ 5G ව්‍යාපාරික භාවිතය සිදු කර වසර දෙකක් තුළ 5G පාදක මධ්‍යස්ථාන ලක්ෂ 9.93ක් විවෘත කර ඇත.

    ඉන් චීනයේ සමස්ත නගර, කෝරළ වලින් 95%ක්, උප නගර වලින් 35%ක් ආවරණය කර තිබේ. 5G ‍දුරකතන පර්යන්ත සම්බන්ධතා සංඛ්‍යාව මිලියන 39.2 ඉක්මවා ගොස් ඇත.

    වර්තමානයේ චීන‍යේ 5G ජාල ගොඩනැගීම, මහා පරිමාණ සැකසීමේ අදියරක පවති. චීනයේ බිලියන 1.4ක ජනගහණය මත පදනම්ව 2023 වසර අගදී 5G පාදක මධ්‍යස්ථාන සංඛ්‍යාව මිලියන 2.5කට වැඩි විය යුතු ය.

    එම නිසා ඉදිරි වසර 2 - 3ත් අතර චීනයේ 5G ජාලය ගොඩනැගීම තවත් අඛණ්ඩ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවණතාවයක් පවතිනු ඇති.

    Latest News