අමෙරිකාව යුධ නැවක් ආසන්නයේ පිපිරීමක් සිදුකරයි

ජූනි 21, 2021

    අමෙරිකාව යුධ නෞකාවක් ආසන්නයේ පුපුරණ ද්‍රව්‍ය රාත්තල් 40,000ක් පුපුරවා හැර අත්හදා බැලීමක් සිදුකර තිබේ. ඒ එවැන්නකින් නෞකාවට වන හානිය පරීක්ෂා කිරීම සඳහායි.

    මෙම පිපිරීම සිදු කරනු ලැබ ඇත්තේ අමෙරිකානු ප්‍රහාරක යානා ප්‍රවාහන නෞකාවක් වන යූ එස් එස් ජෙරල්ඩ් ආර් ෆොර්ඩ් නෞකාව ආසන්නයේ.

    නෞකාව යුධමය තත්වයන්ට මුහුණ දෙන ආකාරය පරීක්ෂා කිරීම එහි අපේක්ෂාවයි. පිපිරවීමෙන් අනතුරුව ඊට වඩාත් හොදින් මුහුණ දීම සඳහා නෞකාව අලුත්වැඩියා කෙරෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    මෙම පිපිරවීම රික්ටර් පරිමාණ ඒකක 3.9ක ප්‍රභලත්වයකින් යුතු භූ කම්පනයක තරම් බලපෑමක් ඇති කර ඇති බවයි, අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ.

    Last modified on සදුදා, 21 ජූනි 2021 12:01

    Latest News