24 ලක්ෂ 40,000කට මරු කැඳවූ කොරෝනා

පෙබ 18, 2021

    කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට 24 ලක්ෂ 40,000කට වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් ගෝලීය වශයෙන් මියගොස් තිබේ. දෛනිකව සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව පහත වැටී ඇතත් ගතවූ පැය 24 තුළ දී ගෝලීය වශයෙන් 11,000කට වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් වෛරසයෙන් මිය ගියේය.

    සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11 කෝටි 4 ලක්ෂ 29,000 ඉක්මවා ඇති ගෝලීය ආසාදිතයන් අතරින් අමෙරිකාව තුළ පමණක් ආසාදිතයන් දෙකෝටි 84 ලක්ෂ 53,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙයි.

    ගතවූ පැය 24 තුළදී නව ආසාදිතයන් 71,640ක් හඳුනාගත් අමෙරිකාව තුළ නව ආසාදිතයන් වාර්තා වීම දෛනිකව පහළ යමින් පවතින බව අමෙරිකානු සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

    තවමත් දෛනිකව කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2,000 ඉක්මවා ඇති අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව අමෙරිකාව තුළ පන්ලක්ෂ 2,000 ඉක්මවා ගොස් තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 පෙබරවාරි 2021 10:13

    Latest News