ට්‍රම්ප්ගෙන් - චීනයට යළි චෝදනා

සැප් 23, 2020

    අමෙරිකානු ජනාධිපති නැවත වරක් කොරෝනා වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් චීනයට චෝදනා කර තිබේ.

    ඔහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින්, මේ බව කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී මේ දිනවල පැවැත්වෙයි. කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර ලෝක නායකයන් සැසිවාරයට සහභාගී වී නොමැත.

    ඔවුන් වෙනුවට නියෝජිතයන් සැසියට එක් වෙයි. එම නිසා, ලෝක නායකයන්ගේ පිටිගත කරන ලද වීඩියෝ පට සැසියට ලබා දී තිබිණ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම කතාව අතරතුර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීනයට දොස් පැවරීමක් සිදු කළේය.

    නමුත්, චීන ජනාධිපති සිය කතාව තුළ පවසා තිබුණේ, තම රට කිසිවිටෙක, කිසිඳු රටක් සමග සීතල යුද්ධයකට යාමට සූදානම් නොමැති බවයි.

    Last modified on බදාදා, 23 සැප්තැම්බර් 2020 10:23

    Latest News