අමෙරිකාවේ වීචැට් තහනම අත්හිටුවයි

සැප් 21, 2020

    චීනයට අයත් පණිවුඩ හුවමාරු යෙදවුමක් වන වීචැට් තහනම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධායක නියෝගය තාවකාලිකව අත්හිටුවා තිබේ.

    කැලිෆෝර්නියා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකුගේ නියෝගයකට අනූව එම අත්හිටුවීම සිදුවිය. අමෙරිකාව,චීනයට අයත් වීචැට් තහනම් කිරීමට ජනාධිපති ට්‍රම්ප්ගේ විශේෂ විධායක නියෝගයකට අනූව තීරණය කර තිබිණ.

    ඒ අනූව, එරට වාණිජ දෙපාර්තමේන්තුව අදාළ නියෝගය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නමුත්, අමෙරිකාවේ උතුරු කැලිෆෝර්නියා දිස්ත්‍රික් විනිසුරු ලෝරල් බීලර් එම නියෝගය අත්හිටුවන ලෙස වාරණ නියෝගයක් නිකුත් කර තිබිණ. වීචැඩි ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් එමගින් අමෙරිකාවට අයත් දත්ත විශාල ප්‍රමාණයක් චීන රජයට සැපයෙන බවටත් ට්‍රම්ප් පරිපාලනය චෝදනා කරයි.

    Last modified on සදුදා, 21 සැප්තැම්බර් 2020 11:07

    Latest News