අමෙරිකාව, ෂිංජියෑං සිට ආනයන තහනම් කෙරේ

සැප් 15, 2020

    චීනයේ ෂිංජියෑං ප්‍රාන්තයෙන් සිදු කෙරෙන ආනයන තහනම් කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

    ඒ එම ප්‍රාන්තයේ මානව හිමිකම් කඩවන බවට චෝදනා කරමින්. මේ අනූව, ෂිංජියෑං ප්‍රාන්තයේ තෝරාගත් ප්‍රදේශවලින් අපනයනය කෙරෙන පරිගණක උපාංග ඇතුලු බොහෝ දෑවලට මෙම තහනම පැනවෙනු ඇති.

    අමෙරිකාව පවසන්නේ, ෂිංජියෑං ප්‍රාන්තයේ පුද්ගලයින් බලහත්කාරයෙන් රඳවාගෙන සේවයේ යොදවා ගනිමින් නිෂ්පාදන කටයුතු කර ගන්නා බවයි. මෙම ක්‍රියාවලියට විරුද්ධත්වය පළ කිරීමට මෙම තීරණය ගත් බවයි, අමෙරිකාව කියා සිටින්නේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, චීනයේ ෂිංජියෑං ප්‍රාන්තයේ මිලියනයකට අධික පිරිසක් මේ ආකාරයෙන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවයි. චීනය පවසන්නේ, ජාතික ආරක්ෂාව මුල්කර ගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා පමණක් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

    Last modified on අඟහරුවාදා, 15 සැප්තැම්බර් 2020 09:40

    Latest News