ටික්ටොක් සමාගමෙන් අමෙරිකාවට නඩු

අගෝ 24, 2020

    ටික්ටොක් සමාගම සහ එහි මව් සමාගම ඇමරිකානු රජය විසින් නිකුත් කළ පරිපාලන නියෝගයට එරෙහිව නඩු පවරන බව, ටික්ටොක් සමාගම පසුගිය 22 වන දින ප්‍රකාශ කළේය.

    සිය නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා, මෙය ක්‍රියාත්මක කරන බවයි ඔවුන් පවසන්නේ. පසුගිය වසර තුළ ටික්ටොක් සමාගම අවංක ආකල්පයකින් යුතුව ඇමරිකානු රජය සමඟ සන්නිවේදනය කිරීමට උත්සාහ කර ඇති බව එම සමාගම 22 වැනි දින නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වේ.

    එහෙත්, ඇමරිකානු රජය නිසි නීති ක්‍රියාවලියක් අනුගමනය නොකරමින්, වාණිජ සමාගම් අතර පැවති සාකච්ඡාවලට බලහත්කාරයෙන් මැදිහත් වීමට පවා උත්සාහ කළ බව එම නිවේදනය සඳහන් නීතිමය ආධිපත්‍යය අත්හැර නොදමමින් සමාගම් සහ සිය පරිශීලකයින්ට සාධාරණ ලෙස සලකනු ලැබීම සහතික කිරීම සඳහා, එම සමාගම 24 වන දින නඩු පැවරීමට සූදානම් වන බව එම නිවේදනය අවධාරණය කරයි.

    මීට අමතරව, ටික්ටොක් සමාගමේ ඇමරිකානු සේවකයින් ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවරීමට සැලසුම් කරමින් සිටින බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

    Latest News