හඳුනා නොගත් යානාවල දර්ශන පෙන්ටගනය නිල වශයෙන් එළි දක්වයි (වීඩියෝ)

අප්‍රේ 29, 2020
  • අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය, හඳුනා නොගත් යානාවල දර්ශන නිල වශයෙන් එළි දක්වා තිබේ.

    නිකුත් කර ඇති වීඩියෝවන් 2007 හා 2017 වසරවල නිල නොවන අන්දමින් විවිධ මාධ්‍යවල පළ වී තිබූ ඒව ලෙස දක්වා ඇත. එයින් 2ක් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත එළි දක්වා තිබෙන අතර අනෙක වෙනත් ආයතනයක් විසින් එළි දක්වා තිබේ.

    නිව් යෝර්ක් ටයිම්ස් පළ කිරීමට අනුව එක් වීඩියෝවක් 2004 වසරේදී ප්‍රහාරක ජෙට්යානා නියමුවන් දෙදෙනෙකු විසින් පටිගත කර ඇත. එහි ගෝලාකාර වස්තුවක් පැසිපික් සාගරයේ ජලමට්ටමට සැතපුම් 100ක පමණ ඉහළින් ආහසේ පාවෙමින් තිබී ඇත.

    ඉන් පසුව 2015 වර්ෂයේ ජනවාරි මාසයේදී අවස්ථා දෙකකදී මේ අයුරෙන් හඳුනා නොගත් යානා දෙකක් අමෙරිකානු නාවික හමුදා ගුවන් නියමුවන්ට දර්ශනය වී ඇත.

    මෙම අභිරහස් යානා කොහේ සිට පැමිණියාද කියා මේ දක්වා හෙළිකර ගැනීමට කිසිවෙකුත් සමත්වී නැහැ.

    කෙසේ වුවත් පිටසක්වල ජීවින් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන පර්යේෂකයින් කිහිපදෙනෙක්ම සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකිරිම ඉතා වැදගත් බවයි.

    Latest News